කෙරවලපිටිය ස්වාහාවික වායු (එල්.එන්.ජී.) බලාගාරයේ ඉදිකිරීම් ටෙන්ඩරයට අවම ලංසුව ලබාදුන් සමාගම නොතකා හැර, එම ඉදිකිරීම් කටයුතු චීන සමාගමකට දීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 11 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02දා)තීරණය කළේය.
පෙත්සමට අදාළ කරුණු තහවුරු කිරීම සඳහා මෙම පෙත්සම ලබන 11 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
පෙත්සම ඊවා වනසුන්දර, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි.පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති රංජිත් පුෂ්පකුමාර මහතා මෙම පෙත්සම ගොනු කළේය.
එහි වගඋත්තරකරුවන් වශයෙන් විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය, එම අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ සහ අමාත්‍ය මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කොට ඇත.
මෙම පෙත්සමට අදාළ කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම ලබන 11 වැනිදා යළි කැඳවීමට නියම කෙරිණි.
