LNG බලාගාර ටෙන්ඩරය පඹ ගාලක පැටලෙයි
පසුගිය දිනවල දැඩි ලෙස කතාබහට ලක්වූ කෙරවලපිටිය LNG (ස්වාභාවික ද්‍රව වායු) බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය නිසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව චීන සමාගමක් වෙත ලබාදීම සදහා එළඹෙන හෙට (12දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා සැරසෙන බව වාර්තා වෙයි.
ටෙන්ඩර් කැදවීමේදී දක්වා තිබූ සියලු කොන්දේසීන් බැහැර කරමින් අමාත්‍යංශ ලේකම් බී.එම්.එස් බටගොඩගේ නිර්දේශයන් මත සැකසූ නවතම පිරිවිතරයන් රැසක් සැලකිල්ලට ගනිමින් මෙම කැබිනට් පත්‍රිකාව සකසා ඇතැයිද අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම ටෙන්ඩරය කැදවීමේදී එහි පැවති ප්‍රධානම තාක්ෂණික කොන්දේසියක් වූයේ බලාගාරය ඉදිකිරීමෙන් පසුව පළමු වසර තුන ඩීසල් බලාගාරයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බවත් වසර තුනකින් පසුව එය ස්වාභාවික ද්‍රව වායු LNG බලාගාරයක් ලෙස ජනන කටයුතු සිදුකල යුතු බවත්ය.
එහෙත්, හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන යෝජනාව අනුව මෙම බලාගාරය ආරම්භ කරන දිනයේ සිටම ස්වාභාවික ද්‍රව වායු වලින් විදුලි ජනනය කළ යුතු බවට පැවසේ.
popular news
-
Sunil Monday, 11 February 2019 10:41 AM
රවී වැඩ පටන් ගනී.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
