LNG බලාගාරය ගා ටැබ් දීම ගැන සොයන්න ඇමති අනු කමිටු
කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරයේ ටෙන්ඩර් පටිපාටිය පිළිබඳව හා පාසල් ළමුන්ට ටැබ් යන්ත්‍ර සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය අනු කමිටු දෙකක් පත්කර තිබේ.
අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී මෙම කමිටු පත්කර තිබේ.
එම කමිටු දෙකේ වාර්තා සතියකින් ලබාදෙන ලෙස ද ජනාධිපතිවරය කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.
එල්.එන්.ජී. බලාගාරයේ ටෙන්ඩර් පටිපටිය සොයා බැලීම පිළිබඳව අමාත්‍යවරුන් වන පාඨලි චම්පික රණවක, මලික් සමරවික්‍රම, රවී කරුණානායක සහ හර්ෂ ද සිල්වා යන මහත්වරුන් නම් කර තිබේ.
ටැබ් පරිගණක ලබාදීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ කමිටුව එරාන් වික්‍රමරත්න, හරීන් ප්‍රනාන්දු, අජිත් පී පෙරේරා සහ අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන්ගෙන් සමන්විතවෙයි.
පාසල් ළමුන්ට ටැබ් පරිගණක ලබාදීමේදි ඒ ශ්‍රේණියේ පාසල් සඳහා පමණක් ටැබ් පරිගණක ලබාදීමට තීරණය කර ඇත. මුලින්ම AB ශේණියේ පාසල් වෙත ටැබ් පරිගණක ලබාදීමට තීරණය කර තිබුණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
