KKS වරාය සංවර්ධනය ඉන්දියාවට
යාපනය, කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීමෙ ව්‍යාපෘතිය ඉන්දියාව විසින් සිදුකිරීමට නියමිතය. ඩොලර් මිලියන 45.27ක පිරිවැයක් යටතේ මෙම වරාය සංවර්ධනය කිරිමට නියමිතය. ඒ හා සමගාමීව අවට ප්‍රදේශ සංවර්ධනය කිරීමටද අපේක්ෂිතය.
මේ සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා අමාත්‍ය සාගල රත්නායක මහතා අද (14දා) දිනයේදී කන්කසන්තුරය වරායේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වීමට නියමිතය.
මේ වන විට කන්කසන්තුරය වරායේ මෙහෙයුම් කටයුතු නාවික හමුදාව හරහා සිදුකරන අතර නව ව්‍යාපෘතිය වසර තුනකින් අවසන් කිරීම හරහා එහි බහාලුම් මෙහෙයුම් කටයුතු ආරම්භ කිීරීමටද අපේක්ෂා කරයි.
Prime Minister @RW_UNP and I will visit #KKS harbour today to discuss implementation of USD 45.27 million development project, supported by #India. The project will transform #KKS into a port that can handle general cargo. #SriLanka
— Sagala Ratnayaka (@SagalaRatnayaka) February 14, 2019
popular news
-
Champa Thursday, 14 February 2019 05:52 PM
Noooooo way !!!! මේ ගැන මම කලිනුත් ලියල තියෙනව ඉන්දියාවට දෙන්න එපා කියලා. විධායක ජනාධිපති කෙනෙක් ඉන්නේ මේ වගේ දේවල් නවත්තන්න. සංග්‍රාමික කරුණු සහ පිහිටීම අතින් ත්‍රිකුණාමලය ලඟට තියෙන ඉතාම වැදගත් වරාය කන්කසන්තුරේ වරාය. මේක මාගම්පුර වරායටත් වඩා වැදගත්. බෞද්ධයාට ඉතාම වැදගත් වරායක්. කන්කසන්තුරේ ජම්බුකොළ පටුනට (දඹකොළ පටුනට) තමයි සංඝමිත්තා තෙරණිය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කලේ. ජම්බුකොළ විහාරය කියල එකතුත් ඒ කාලේ ඉඳම්ම තිබිල තියෙනව. ඉතා ඈත අතීතයේ ඉඳන් පාවිච්චි කරපු වාරයක්. මේක ඉන්දියාවට දෙන්න එපා. යකෝ ආණ්ඩුව තොපිට ඇත්තටම හදවතක් නැත්ද? ලංකාවේ වැදගත් වරායවල් ඔක්කොම විදේශිකයන්ට දෙනවා. ගොඩවාය වරාය චීනට. ත්‍රිකුණාමලය ඇමරිකාවට. දඹකොළ පටුන ඉන්දියාවට. දෙවොල් දෙවියෝ මේවා කරන ඔක්කොටම සම්බුව දෙන්න ඕනේ. ඩොලර් මිලියන් 45ක් කියන්නේ සොච්චම් මුදලක්. ආණ්ඩුව ඇමරිකන් ඩොලර් මිලියන් 1.4ක් හොර PR campaign එකකට වියදම් කරලා තියෙනවා. සල්ලි නැත්නම් නිකම් හිටපියව්. කවුද කිව්වේ හදන්න කියලා? මේවා ආපිට හරවන්න මිනිහෙක්ට නම් බැරිවෙයි. ලංකාවේ ඊළඟ ජනාධිපති යකෙක් හරි දෙවියෙක් හරි වෙන්න වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
