JO හා ඇමති නිමල් අතර මත්තල ගැන උණුසුම් වචන හුවමාරුවක්
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීමට ගෙන ඇති තීරණය හකුළාගන්නැයි ඉල්ලා සිටීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවීමට ගිය අවස්ථාවේදී ඇමතිවරයා හා එම මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුමවාරුවක් සිදුවිය.
බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයට ඊයේ (18දා) පෙරවරුවේ පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය දේශීය සම්පත් විකිණීම හෝ විනාශ කිරීම නොවන බැවින් ශ්‍රීලනිප ඇමතිවරයෙකු වශයෙන් මත්තල ගුවන්තොටුපළ ආරක්ෂා කරගැනීමට පියවර ගන්නා ලෙසයි.
මත්තල ගුවන්තොටුපළ ඉන්දීය සමාගමකට පැවරීමට රජය ගෙන ඇති ස්ථාවරය වෙනස් නොකරන බවත්,ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති තිබුණද එවැනි දේවල් ඕනෑතරම් සිදුව තිබෙන බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අවස්ථාවේදී පැවසීය.
පැය ½කපමණ කාලයක් පැවැති මෙම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන,මහින්ද යාපා අබේවර්ධන,ඩලස් අලහප්පෙරුම,විමල් වීරවංශ,රංජිත්ද සොයිසා,ජානක වක්කුඹුර,සුසිල් ප්‍රේම්ජයන්ත,අනුර ප්‍රියදර්ශන යාපා,සිසිර ජයකොඩිමහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්එක්ව සිටියහ.
අනතුරුව අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා,
“මත්තල ගුවන්තොටුපළ විකුණා ඉන්දියානු සමාගමක් සමඟ හවුල් සමාගමක් හැටියට පවත්වාගෙන යෑමට රජය සාකච්ඡා කර තීරණයකට එළඹීමේ අවසාන අවස්ථාවට පැමිණ තිබෙනවා.මෙම භයානක තත්ත්වය ගැන නිමල් සිරිපාල මහතාට අපි කරුණු කිව්වා.මේ නිසා ඇතිවන අතුරුඵල විපාක ගැනත්, ජාතික දේපොල විකිණීම ගැනත්, විදේශිකයන්ගේ අතට අපේ රටේ කේන්ද්‍රිය ගුවන් තොටුපළක් පත්වීමේ අනතුර ගැනත් අපි පෙන්වා දුන්නා“යනුවෙන් පවසා සිටියේය.
විමල් වීරවංශ මහතා අදහස් දක්වමින්,
මත්තල ගුවන්තොටුපළ විකිණිම කියන්නේ හුදු ගුවන්තොටුපළක් විකිණීම පිළීබඳ ප්‍රශ්නයක් නෙමෙයි.ලෝකයේ එකිනෙකාට පසමිතුරු බලවතුන් අපේ රෙද්ද පල්ලේ දාගත්තාම ඒකේ පරිප්පුව කන්න වෙන්නේ මේ රටේ අනාගත පරම්පරාවට.මේකෙන් වෙන්නේ ලෝකයේ ප්රතිවිරෝධතා ගැටුම් තියෙන බලවතුන්ට අපේ රාජ්‍යය සතු දේපොල හා සම්පත් තමන්ගේ අභිලාෂයන්ට අනුව හසුරුවන්න ඉඩකඩ හදන දෙන එක.ඒක වාණිජමය වශයෙන් සිදුවන ගණුදෙනුවකට වඩා මේ රටේ අනාගතයේ ආරක්ෂාව හා පැවැත්ම අනතුරට හෙළන ගනුදෙනුවක් හැටියටයි අපි දකින්නේ. ඒ නිසා මේ කාරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය වශයෙන් ඉකා බලවත් විරෝධතාවලට යනවා“යනුවෙන් පවසා සිටියේය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා අදහස් දක්වමින්,
“අපි අද නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා හමුවෙන්න ආවේ හුදෙක් ආණ්ඩුවේ නියෝජිතයෙක් හැටියට නෙමෙයි අපි විශ්වාස කලා ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් කියලා.පක්ෂයේ ප්‍රතිපත්ති ගැන හිතලා සංවේදීව මේ ප්රශ්නය ගැන බලලා අපිත් එක්ක සාකච්ඡා කරාවි කියලා අපි හිතුවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙකු හමුවෙන්න ආවත් අපි එලියට ආවේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙකු හමුවෙලා ආවා වගේ.එතුමාගේ කිසිදු තෙතමනයක් අපි දැක්කේ නැහැ.එතුමා කිව්වේ ආණ්ඩුව තීරණය කරලා ඉවරයි,අපි ගුවන්සේවා පනත වෙනස් කරනවා,අපි මේක දෙනවා කියලා.ඉන් එහා එතුමාගේ හෙල්ලීමක් තිබුණේ නැහැ.ඒ නිසා අපි මේ ආණ්ඩුවේ ඇමතිවරුන් එක්ක සාකච්ඡා කරන්නවත් කැමති නැහැ.අපි අවංකව ආවේ එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් නිසා.නමුත් පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ගෙනියන්න මත්තල ගුවන්තොට ඉන්දියාවට දෙන්න තීරණය කරලා ඉවරයි.මේකට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය හැටියට අපිට කරන්න පුලුවන් සෑම දෙයම කරනවා.“යනුවෙන් පවසා සිටියේය.
සුසිල් ප්‍රේම්ජයන්ත මහතා,
“අපි ආණ්ඩුවෙන් එලියට එන්න තීරණය කළේ හම්බන්තොට ප්රශ්නය ආපු වෙලාවේ ඉඳලා.රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් තමයි මේකට වැඩිපුරම සම්බන්ධ වෙන්නේ.මේක ඒ අයගේ කළමණාකරන නොහැකියාව.ශ්‍රීලංකන් ගුවන්සේවයටත් වුනේ ඕකමයි.කලින් ආණ්ඩුව ශ්‍රී ලංකන් එකට ආයෝජන හැටියට අහස් යානා පහක් බද්දට ගන්න හතරක් මිලදී ගන්න 2020/21 වනවිට ගිවිසුම්වලට එළඹ තිබුණා.
හැබැයි ශ්‍රී ලංකන් එයාර් ලයින් එක එම ගිවිසුම් අහෝසි කරලා ඩොලර් මිලියන 98ක් එම සමාගම්වලට ගෙව්වා.එම මුදල අද දවසේ හැටියට රුපියල් බිලියන 16ක්.ඒක මහබැංකු බැඳුම්කරයේ බිලියන 11ට වඩා වැඩියි.කවුද ඒකට වගකියන්නේ?ඒකට වගකියන අයට උත්තර දෙන්න වෙයි මේ ආණ්ඩුව වෙනස්වුනු දවසට.“යනුවෙන් පවසා සිටියේය.
මේ සම්බන්ධව කළ විමසීමකදී නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ යහපාලන රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් අනුව අවුරුදු 40ක බදු ගිවිසුම් කාලයක් සඳහා මත්තල ගුවන්තොටුපළ ඉන්දීය සමාගමකට පැවරීම සඳහා සාකච්ඡා කරමින් පවතින බවයි.
අවුරුදු 99ක කාලයකට එම ගුවන්තොටුපළ පැවරීමට තීරණයක් ගෙන ඇතැයි විරුද්ධ පක්ෂ ගෙන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බවද ඔහු කීය.
ඒ සම්බන්ධව රජය අවසන් තීරණයක් ගෙන නැති බවත්, මත්තල ගුවන්තොටුපළ ඉන්දීය සමාගමකට විකුණා දැමීමක් සිදුනොවන බවත් එම ප්‍රකාශකයා පැවසීය.
නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා ඉදිරි දින කිහිපයේදී මේ පිළිබඳ සවිස්තරව රටට පැහැදිලි කිරීමක් සිදුකරන බවද හෙතෙම පවසා සිටියේය.
ඡායාරූපය ගයාන් අමරසේකර

popular news
-
Champa Thursday, 19 July 2018 09:52 AM
ඒකාබද්ධ විපක්ෂේ super active වෙලා ඉන්න එක ගැන සන්තෝෂයි. Thank you! නිමල් සිරිපාල ඕකට කැමතියි. ඒකට හේතුව රනිල් දැන් දන්නවා කරන්න ඕන විදිය. මාගම්පුරවරාය විකුණන එකට රටම විරුද්ධ වෙනකොට කවුද ඒක සාධාරණීය කලේ? SLFP එකේ මහින්ද සමරසිංහ. ඔය විදියටම තමා කිව්වේ. රනිල් දන්නවා ත්‍යාගශීලී වුනහම වැඩේ ලේසියි කියල. නිමල් සිරිපාලත් මත්තල විකුණන එකට support ඒ හේතුව හින්ද. නැත්නම් මේ වගේ වටින සමපතක් විකුණන්නන මොන හිතකින්ද කැමති වෙන්නේ? නිමල් සිරිපාල හිතනවා ඇති කොමිස් කුට්ටියක් හම්බ වෙනවා නම් ආයේ චන්දෙ ඉල්ලුවේ නැතත් මොකොද කියලා. මම දැක්ක ත්‍රිකුණාමලේ ඇමරිකන් නාවුක අභ්‍යාස පටන් අරන් ගහෙන් ගෙඩි එන්න වගේ. මත්තල දුන්නු ගමන් ඊළඟට ඒක. ආයේ කවදාවත් ගන්න බැහැ. මේ ආණ්ඩුව ගල් ගහල එලවන්න වටිනවා. මත්තල දුන්නට පස්සේ කටුනායක ආදායමත් බහිනවා. ඉන්දියාව කියන්නේ ඉතාම ආත්මාර්ථකාමී රටක්. වෙන රටවල් ඉන්දියාව එක්ක ගිවිසුම් ගහන්නේ අවුරුදු 7-8 සාකච්චා කරලා. ඒ මොකොද කිව්වා නම් ඉන්දියාව ගිවිසුම් අත්සන් කළාට පස්සේ වෙනත් domestic නීති දානවා අර ගිවිසුමේ වගන්ති අහෝසි වෙන විදියට. කාටවත් නවත්තන්න බැහැ.
Reply : 0 0
anura Thursday, 19 July 2018 11:45 AM
ලංකාවේ දේශපාලන විහිළු කාරයෝ , විවිධ ඇඳුම් ඇඳගෙන පගාවට පති මාරුකරමින් රට රවටනවා . දිනේෂ් මැතිතුමා හැර ඔක්කොම හොරු. .
Reply : 6 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

