JO කියන දේ පිළිගන්නේ නෑ - බෙංගමුවේ නාලක හිමි
ඒකාබද්ධ විපක්ෂට උපක්රම නොමැති බවත් උපායශීලී නොවන බවත් බෙංගමුවේ නාලක හිමියෝ පවසති. කොළඹ පැවැති වැඩසටහනකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
“ඒකාබද්ධ විපක්ෂය කියනවා ආණ්ඩුව වටලනවා, පාර්ලිමේන්තුව වටලනවා කියලා පස්වෙනිදට. ඕක කරන්න දෙයිද? එහෙම කියලා බෑ. එහෙම කිව්වොත් ඒකට වැට බඳිනවාමයි. තමන්ගේ බෙල්ල කපන්න එන මිනිහා බෙල්ල කපනවා කිව්වට පස්සේ ඒකට ඉඩ දෙනවද?
එහෙම නෑ. ආණ්ඩුව ඒවට ඉඩ දෙනනේ නැ. උපක්රම නෑ. උපායශීලී බවක් නෑ. ඒක අපි කිව්වට පිළිගන්නේ නෑ. මොකද අපිට ආචාර්ය මහාචාර්ය උපාධි නෑනේ. විද්වතුන් බුද්ධිමතුන් නෙමෙයි කියලා අපි කියන දේ පිළිගන්නේ නෑ.
2015 ජනපතිවරණ කුමන්ත්රණයේ හිටපු අය කියපු දේවල්ම පිළිගත්තා. තමන් විසින් තමන්ගේ බෙල්ල කපා ගත්තා ජනපතිවරණයේදී. ඒ උපාය උපක්රම නොදන්නාකම.”

popular news
-
rocky Wednesday, 05 September 2018 02:54 PM
මහජන ඡන්දයෙන් තෝරා ගත් ආණ්ඩුවක් දැනට තියෙන්නේ. ඒ ආණ්ඩුව හොඳයි කියල අපි කොහොමටවත් කියන්නේ නැහැ. එත්, මේ ආණ්ඩුව පෙරළනවා නම් එය ප්රජාතාන්ත්රිකව මහා ජන චන්දයකින් සිදු විය යුතුයි. එහෙම නැතුව ගණන්කාර කම් වලින් මහා ජාතියෙන් මේ මෝඩ වාහෙලාට උවමනා විදිහට ආණ්ඩු පෙරලන්න බැහැ. රටේ බහුතරයකට එපා වෙච්ච් රාජපක්සලව නම් අපට ආයේ කොහොමටවත් ඕන නැහැ!පොහොට්ටුවෝ භංගවේවා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

