ITN ඇමතිවරයෙකුට විකිණීමේ සූදානමක්
ස්වාධීන රූපවාහිනී ආයතනය ආණ්ඩුවේ ඇමතිවරයෙකුට විකිණීමට සැලසුම් සිදුවෙමින් පවතින බව මාධ්‍යවේදී සුදර්මන් රදලියගොඩ මහතා අද (24) පැවසීය.
‘යුක්තියට හඬක්’ සංවිධානය මගින් බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළ කළේය.
හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපල ශ්‍රී ලංකා රජයෙන් ඉවත් කිරීමට කටයුතු කළ ආකාරයෙන් ස්වාධීන රූපවාහිනී ආයතනයද පාඩු ලබන රාජ්‍ය ආයතනයක් ලෙස පෙන්වා විකිණීමට අවශ්‍ය සාකච්ඡා සිදුව තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
2015 දෙසැම්බර් 31 වන විට ලාභ ලැබූ ස්වාධීන රූපවාහිනී ආයතනය සේවකයන්ට රුපියල් ලක්ෂයක බෝනස් ලබාදුන්නද මේ වන විට එය පාඩු ලබන බැවින් සේවකයන්ට රුපියල් 3000ක බෝනස් දීමනාවක් පමණක් ලබාදෙන බව හෙතෙම පැවසීය.
රූපවාහිනී නාළිකා ශ්‍රේණිගත කිරීමවල අංක එකේ සිට 6 වැනි ස්ථානයදක්වා පහළ බැස තිබෙන එම ආයතනය විකාශනය කරන ටෙලිනාට්‍ය දේශපාලනීකරණයට ලක්වී ඇතැයිද රදලියගොඩ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ස්වාධීන රූපවාහිනියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදනය කරන ටෙලිනාට්‍ය පමණක් එහි විකාශන කරන බවත්, එම නාට්‍යවල රඟපාන නළු නිළියන්ගේ දේශපාලන පක්ෂය කුමක්දැයි බලධාරීන් නිතර සොයා බලන බවත් ඔහු පැවසීය.
විශ්‍රාම ගිය සේවකයන්ට ආයතනය ඇතුළට පිවිසීමට නොහැකිවන සේ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බවද මෙහිදී හෙතෙම සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසුව සභාපතිවරුන් හතර දෙනෙකු ස්වාධීන රූපවාහිනියට පත් කර තිබුණු බවද සුදර්මන් රදලියගොඩ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

popular news
-
Ruwan Tuesday, 24 July 2018 02:40 PM
උත්සාහකරලා බැලුවොත් ටෙලෙකොම් වගේ යකඩවලට ගන්නත් පුළුවන් වෙයි.
Reply : 0 8
Nishantha Perera Tuesday, 24 July 2018 03:56 PM
මේ අර යකඩ හොරා නේද ? ඒ කලේ ITN එක ආණ්ඩුවේ වැසිකිලියක් කලේ මු වගේ හල්පරුවෝ තමයි
Reply : 0 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
