ITAK වව්නියාවේදී රැස්වෙයි
- 29 08 2020
- 15:21
- {{hitsCtrl.values.hits}} views
- වව්නියාව මධුශංක අමරසිංහ
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණ ගැනීම සඳහා ඉලංගෙයි තමිල්අරුස කච්චි පක්ෂ නියෝජිතයින් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් මධ්‍යමකාරක සභාව අද (29) වවුනියාවේදී රැස්විය.
දෙමළ ජාතික සන්දාන නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවත්වීය.
එහිදී මෙවර පැවති පාර්ලිමේන්තු මැතිවරණය හා ඇති වූ ගැටලුකාරී තත්වයන් පිළිබඳවද ඉදිරියේදී රජය විසින් ගෙනඒමට සූදානම් නව ආන්ඩුක්රම ව්‍යවස්ථාව පිළිබඳවත් පක්ෂයක් වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව මූලිකව සාකච්ඡා කිරීම මධ්‍යමකාරක සභාවේ ප්‍රධාන අරමුණ බවට අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් පවසා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
