ISIS පෝස්ටරයක් නිසා සමෘද්ධි නිලධාරිනිය අත්අඩංගුවට
වැලිපැන්න කෝපිවත්ත ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක් පුපුරුවා හරින බව සඳහන් කරමින් අයි.එස්.අයි.එස්. නමින් පෝස්ටරයක් එම නිවසට ඇතුළුවන ස්ථානයේ දමා තිබීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව අද (05දා) කාන්තාවක් අඩංගුවට ගත්බව වැලිපැන්න පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිපැන්න පදිංචි සමෘර්ධි නිලධාරිනියක් බවත් අදාළ ස්ථානයේ සවිකර තිබූ සී.සී.ටී.වී. දර්ශන උපයෝගී කරගෙන මෙම කාන්තාව අතඩංගුවටගත් බව පොලීසිය පවසයි.
පොලිස් හදිසි ඇමතුම් (119) ඒකකයට ලැබුණු පැමිණිල්ලක් මත වැලිපැන්න පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එම ස්ථානය පරීක්ෂාවට ලක් කල බවත් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද පෝස්ටරය හැර වෙනත් සැක කිසිවක් හමුනොවූ බව වැලිපැන්න පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. කේ. ගමගේ මහතා පැවසීය.
මෙය පුද්ගලික අමනාපකමක් මත සිදුකරන ලද්දක්දැයි පොලීසිය සැක පළ කරයි.
ප්‍රේමතිලක පෙරමුණ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
