ISIS සමග සබඳතා පැවැත්වූ අයෙක් දර්ගා නගරයේදී අත්අඩංගුවට
ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානය සමග සබඳතා පවත්වා ඇති බවට සැකකෙරෙන සැකකරුවෙකු අලුත්ගම දර්ගා නගරයේදි අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට ලැබුණ තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙම සැකකරු ඒම ත්රස්ත සංවිධාය සමග ක්රියාකාරී සමබඳතා පවත්වා ඇති බවටත් මූලික විමර්න වලදී අණාවරණය කරගෙන තිබේ.
මෙම පුද්ගලයාගේ පරිගණයක හා සම්බන්ධ කොටස්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අදිල් අමින් නැමැති 24 හැවැරිදි සැකකරු පිළිබඳව මීට ඉහතදි පොලීයේ සැකයට භාජනය වී තිබූ අයෙක් බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.
බම්බලපිටියේදී පරිගණක පාඨමාලාවක් හදාරා ඇති මෙම සැකකරු ඒ සම්බන්ධයෙන් මනා දැනුමක් ඇති අයෙකු බවත් අන්තර්ජාලය හරහා ඔහු ISIS සංවිධානය සමග සම්බන්ධ වි ඇති බවට පොලීසිය සැකකරයි.
popular news
-
rocky Friday, 26 April 2019 01:45 PM
" විස ඝෝර සර්පයා - දැක නොහරු මෝඩයා"!දෂ්ට කරන්න පෙර දුටු තැන තලා දමනු!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

