ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව එකඟතා කිසිවක් ඇති කර නොගන්නා බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ විදේශ ණය ප්‍රශස්තකරණය සඳහා මූලික අවශ්‍යතාවයක් වූ දේශීය ණය ප්‍රශස්තකරණය මේ වන සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති නිසා විදේශ ණය ප්‍රශස්තකරණයද නුදුරේදීම අවසන් කළ හැකිවනු ඇති බවයි.
ජනාධිපතිවරයාගේ විදේශ සංචාරය පිලිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එය මෙරටට දේශපාලනික සහ ආර්ථික වශයෙන් ඉතාම වැදගත් අවස්ථාවක් බවයි.