ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලි තුනකට ලංසු තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව විස්සයි20 ලෝක කුසලානය, එක්දින ලෝක කුසලාන තරගාවලිය හා ශූරයන්ගේ කුසලානය වෙනුවෙන් මෙසේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලන්සු තැබීමට නියමිතව තිබේ.
ඇතැම් අවස්ථාවලදී මෙම තරගාවලි සඳහා වෙනත් රටවල් සමග ඒකාබද්ධව ලන්සු තැබීමටද ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
එසේම කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් 60 දෙනෙකුට කොන්ත්‍රාත් පිරිනැමීමටද ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.