HIV ආසාදිතයින්ගේ වැඩි වීමක්
පසුගිය වසරට සාපේක්ෂව මේ වර්ෂයේ දී එච්.අයි.වී ආසාදිතයින් වාර්තා වීම පැහැදිලි ලෙස වැඩි වීමක් පෙන්නුම් කරන බව ඊයේ (01දා) යෙදී තිබු ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් පැවැත්වු ජාතික සැමරුම් උත්සවයේදී අනාවරණය විය.
මෙම සැමරුම් උත්සවය බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණි.
පසුගිය වසරට සාපේක්ෂව මේ වර්ෂයේ දී එච්.අයි.වී ආසාදිතයින් වාර්තා වීම පැහැදිලි ලෙස වැඩි වීමක් පෙන්වා ඇති බවත් පසුගිය වසරේ ආසාදිතයින් 411 ක් වාර්තා වු අතර මේ වර්ෂයේ දී පසුගිය මාස 09 ක කාලය තුළ ආසාදිතයින් 429 ක් වාර්තා වී ඇත. එම 429 න් 148 ක් අවුරුදු 15 – 30 අතර වයස් කාණ්ඩයේ තරුණ පිරිස වන අතර එයින් 08 ක් කාන්තාවන් වන අතර ඉතිරි 140 පිරිමි පුද්ගලයන් වේ.
සැමරුම් උත්සවය සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර සෞඛ්‍ය අමාත්‍යංශය හා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය මගින් සංවිධානය කර තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

