රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (03දා) පවත්වන වැඩවර්ජනය මාධ්‍ය ඔස්සේ ජනතාව නොමග යවන සුළු හේතු පාඨ දක්වමින් සිදුකරනු ලබන වැඩ වර්ජනයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
මෙම වැඩවර්ජනයට එක් හේතුවක් ලෙස ඔවුන් දක්වා ඇත්තේ වෛද්‍යවරුන් වෙත පනවා 12%ක්ව පැවැති වැට් බද්ද 24% දක්වා වැඩි කර ඇති බවයි.
නමුත් වැට් බද්ද 24% දක්වා අයකර ගනු ලබන්නේ මාසිකව රුපියල් 350,000 කට වඩා ආදායමක් ලබන වෛද්‍යවරුන්ගෙන් වන අතර, මාසික ආදායම රුපියල් 350,000 අඩු ආදායම් සහිත වෛද්‍යවරුන්ගෙන් අයකරගනු ලබන්නේ පෙර පැවැති 12% ක බද්ද පමණක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
සමස්ත වෛද්‍යවරුන්ගෙන්ම 24% ක වැට් බද්දක් අය කරනු ලබන බව සාවද්‍ය ප්‍රකාශයක් බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.
පෞද්ගලික රෝහල් සඳහා පනවා ඇති 15% ක වැට් බද්ද හේතුවෙන් ජනතාව මත බදු බර පැටවෙන ඔවුන් පැවසූවද පසුගිය මාසයේ සිට පෞද්ගලික රෝහල් සඳහා පනවා ඇති වැට් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙසේ පෞද්ගලික රෝහල් සඳහාවූ වැට් බද්ද ඉවත් කර ඇති බව සෞඛ්‍ය සේවාවේ ප්රමුඛ වෘත්තීය සමිතියක් නොදැන සිටීම කනගාටුවට කරුණක් බව පවසන අමාත්‍යවරයා පෞද්ගලික රෝහල් මත පනවා ඇති වැට් බද්ද සම්පූර්ණයෙන්ම මෙම රජය විසින් ඉවත් කර ඇති නිසා කිසිදු ආකාරයකට රෝගීන්ගෙන් බදු අය නොකරන බව මතක් කර දිය යුතු බවත් පවසයි.
එමනිසා මෙම වැඩවර්ජනය කිසිදු ආකාරයක ජනතාව ගැන සිතා කරන සාධාරණ වර්ජනයක් නොවන බවත් ඉදිරියේදී රජය සාමාන්‍ය ජනතාව මත බලපාන වක්‍ර බදු ඉවත් කිරිමටද තීරණය කර ඇති බවත් සේනාරත්න මහතා සඳහන් කරයි.
