ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අගෝස්තු 03 වන දින සිදුකිරීමට නියමිත වෛද්‍ය වැඩවර්ජනයට පෞද්ගලික රෝහල්වල ස්ථිර ලෙස සේවය කරන වෛද්‍යවරුන්ද එක්වන බවට පොරොන්දුවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
වෛද්‍ය සේවාවට හා වෛද්‍යවරුන්ට ඇතිවී තිබෙන ගැටලු මුල් කරගනිමින් අගෝස්තු මස 03 වන දින පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් සිදුකිරීමට තීරණය කර තිබෙන බවද අද (29) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා සඳහන් කළේය.
ගැටලු විසඳන ලෙසට ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට ලිඛිතව දැන්වුවත් මෙතෙක් ඊට ප්‍රතිචාර නොමැතිවීමෙන් 03 වන දින ස්ථිර වශයෙන්ම වැඩවර්ජනය සිදුකරන බවට අද තීරණය කළ බවද පවසා සිටියේය.
