මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මහබැංකුවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව කර ඇති ණය ඉල්ලුම්පත්‍ර සහ අයවැය ප්‍රතිපාදන ඇතුළත් සම්පූර්ණ විස්තර තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධානවලට අනුව තමාට ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් අද (31දා) ලිඛිතව ඉල්ලා තිබේ.
පසුගිය 23 වැනිදා පැවති මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ කතාවේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ දැනගැනීමට රටේ ජනතාවට අයිතියක් තිබෙන බවද සභාපතිවරයා සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතියට පසුගිය රජය සමයේදී විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ඉදිරිපත් නොවූ බවට ජනාධිපතිවරයා පැවසුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉඩම් අත්පත්කර ගැනීම, නැවත පදිංචි කරවීම, ඉංජිනේරු සැලසුම් සැකසීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන මෙන් මහා භාණ්ඩාගරයට උපදෙස් දුන් බවත්, තමන් විදේශ කටයුතු ඇමතිවරයා වශයෙන් මෙම ව්‍යාපෘතිය පිළිබඳ ජපානය, චීනය,සෞදි අරාබිය හා ඉරානය වැනි රටවල තානාපතිවරුන් හා විදේශ ඇමතිවරුන් සමග සාකච්ඡා කළ බවද එම ලිපිය මගින් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි.
