වැලි ප්‍රවාහනය සිදු කරනු ලබන ටිපර් රථ සඳහා අනිවාර්යයෙන්ම ජී.පී.එස් සබඳතාව ලබා ගත යුතු බවත් එම සබඳතා ලබා නොගන්නා ටිපර් රථ සඳහා වැලි ප්‍රවාහනය සඳහා වන බලපත්‍ර නිකුත් කිරීම සිදු නොකරන බවත් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
වැලි ප්‍රවාහනය කරන සියලුම ටිපර් රථ නිරීක්ෂණය කිරීම සඳහා ඒවා ජී.පී.එස් තාක්ෂණයට සම්බන්ධ කිරීමට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණයකට එළඹි අතර ඒ සඳහා වන නව තාක්ෂණය යොදා ගැනීමේ වැඩපිළිවෙළ සඳහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සමාගම අතර අවබෝධතා ගිවිසුමකටද පසුගියදා අත්සන් තැබිණි.
වැලි ප්‍රවාහනයේ දී මෙතෙක් සිදු වූ සියලු අක්‍රමිකතා හා දූෂණ මැඬලීමට මෙම නව ක්‍රමය යටතේ ඉඩ සැලසෙන බවත් බලපත්‍රය මගින් ලබා දී ඇති වැලි කියුබ් ප්‍රමාණයට වඩා වැලි ගොඩදැමීම හා අක්‍රමවත්ව ප්‍රවාහනය කිරීම නව ජී.පී.එස්. තාක්ෂණය මගින් නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යෙදවීමට කාර්යාංශය පියවර ගෙන ඇති බවත් එම කාර්යාංශය සඳහන් කරයි.

රජයේ නිල පුවත් වෙබ් අඩවිය ඇසුරිනි