Floating Market පිළිසකර කිරීමේ කටයුතු 24 දා ඇරඹේ
ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කොටුව පාවෙන වෙළඳ සංකීර්ණයේ ( (Floating Market) පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කිරිම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් 24 දා පෙ.ව. 8.30 ට එම ස්ථානයේ දී ආරම්භ කෙරේ.
පසුගිය වසර 4 1/2 ක කාලය තුළ කොටුව පාවෙන වෙළඳ සංකීර්ණයෙහි නිසි පරිදි නඩත්තු කටයුතු සිදුනොවූ නිසා එම වෙළඳසැල් රැසක් වසා දැමීමට එම වෙළඳසැල් හිමියන්ට සිදුව තිබේ. ඒ ආකාරයට වෙළඳසැල් සියයට අසූවක් පමණ වසාදැමීමට සිදුවූ බව එම වෙළඳසැල් හිමියන් පවසයි.
මීට අමතරව පාවෙන වෙළඳ සැල් තිබෙන ඇලෙහි ජලය අපිරිසිදු වීම නිසා පසුගිය කාලය තුළ දැඩි පාරිසරික ප්‍රශ්න ද මතුවී ඇත.
මෙම සියලූ කරුණු ගැන අවධානය යොමු කළ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන්නේ කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය කඩිනමින් පිළිසකර කරන ලෙසයි.
වර්තමාන ජනාධිපති එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ඉදිකෙරුණු කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය විවෘත කළේ 2014 වර්ෂයේ අගෝස්තු 25 වනදාය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

