FCIDය නිසා අසාධාරණයට ලක්වූවන් සුරැකීමට සංවිධානයක්
යහපාලන ආණ්ඩුව විසින් පිහිට වූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නිසා අසාධාරණයට ලක්ව ඇති රාජ්‍ය නිලධාරීන්ගේ සුරක්ෂිතතාව සඳහා ‘යුක්තියට හඬක්ʼ නමින් සංවිධානයක් පිහිට වූ බව හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා අද (10දා) පැවසීය.
විවිධ අමාත්‍යාංශ යටතේ ඇති දෙපාර්තමේන්තු, සංස්ථා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රජයේ ආයතනවල සේවය කළ දහස් ගණනකට විරුද්ධව විවිධ චෝදනා නගා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ගෙන්වා ප්‍රශ්න කිරීම හේතුවෙන් එම රාජ්‍ය නිලධාරීන්ට පමණක් නොවන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද සමාජයට මුහුණදීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බව අමරසේකර මහතා සඳහන් කළේය.
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීය.
මෙම පිරිසට නීතිමය හා ආර්ථිකමය වශයෙන් සහනයක් සැලසීමට ‘යුක්තියට හඬක්ʼ සංවිධානය පිහිටුවා ගත් පසුව මේ වනවිට 5000කට ආසන්න පිරිසක් සම්බන්ධවී සිටින බවද හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේය.
පසුගිය වසර 3 ½ තුළදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් අසාධාරණයට ලක්ව ඇති දිවයින පුරා සිටින රාජ්‍ය සේවකයන් හා නිලධාරීන්ගේ තොරතුරු එක්රැස්කරමින් සිටින බවත්,ඒ සඳහා ඉදිරියේදී කාර්යාලයක් පිහිටුවා, දුරකථන අංකයක් හා වෙබ් අඩවියක් හඳුන්වා දෙන බවද හෙතෙම පවසා සිටියේය.
මහ බැංකුවේ හිටපු අධිපති අජිඩ් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකා විනිමය සුරකුම්පත් කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා, ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා, සී.එස්. එන් නාළිකාවේ හිටපු සභාපති රොහාන් වැලිවිට යන මහත්වරුද මෙහිදී අදහස් පළ කළහ.

popular news
-
daham Wednesday, 11 July 2018 03:00 AM
රත්නපුරේ හිමිනමක් සිතාසියක් බාරදීමට ගිය පොලිස් නිලධාරියෙක් ඝාතනය කල ප්‍රවුර්තිය ඔබ පත්තරේ පල නොකරන්නේ සන්ඝයාලාව බේරාගැනීමටද?
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

