මුහුණු පොත මගින් දැන හඳුනාගෙන අක්මිමන රජ්ජම්බුගහ ටැංකිය පාරේ පිහිටි හෝටලයක මත්ද්‍රව්‍යය සාදයක් පවත්වමින් සිටි තරුණයින් 26 දෙනෙකු හා තරුණියන් 02 නෙකු අද (30) අළුයම 1.30ට පමණ අත්අඩංගුවට ගත් බව අක්මිමන පොලීසිය පවසයි.
මෙම හෝටලය කදුමුදුනක පිහිටා ඇති අතර ඉතා සුක්ෂම අයුරින් මෙම සාදය පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදි අනාවරණය වි ඇත. මෙකී මත්ද්‍රව්‍ය සාදයට ඇතුල්විම සදහා රුපියල් 1500, ක මුදලක් අයකොට ඇති බව විමර්ශනවලදි අනාවරණය වි ඇත. මෙක සාදය සංවිධානය කොට ඇත්තේ තලාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහුද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තරුණයින් 06 දෙනෙකු සන්තකයේ තිබී ගංජා පැකට් 06ක් ද පොලීසිය මගින් සොයාගෙන ඇත. පොලිස් නිලධාරින් විසින් මෙකි සාදය වටලන අවස්ථාවේ සාදයට සහභාගි වි සිටි අය ඇතමුන් මත්කුඩු පානය කොට සිටි බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් තරුණයින් 26 දෙනා හා තරුණියන් 02 දෙනා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි අය බව පොලිසිය පවසයි. අම්පාර උහන, රත්නපුර ඇහලියගොඩ, බදුල්ල අනුරාධපුර, මාතලේ, මොරටුව ආදි දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට මොවුන් සාඳය සදහා පැමිණ ඇති බව විමර්ශන වලදි අනාවරණය වි ඇත.
අත්අඩංගුවටගත් පිරිස වයස අවුරුදු 18හා 22 යන වයස්කාණ්ඩවල පසුවන අය බව පොලිසිය පවසයි මින් කිහිප දෙනෙකු විවාහකයින් බවද පොලිසිය පවසයි. උපන්දින සාදයක් පැවැත්විම සඳහා මෙකි හෝටලයට පැමිණ ඇති පොලිසිය විසින් මොවුන්ගෙන් කළ ප්‍රශ්න කිරිමේ දි මොවුන් ප්‍රකාශ කොට ඇත.
එහෙත් උපන්දින කාඩිපත් කිසිවක් හමුනොවු බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනාගෙන් එක් තැනැත්තියක් උහන ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය දික්කාසද වි ඇති තැනැත්තියක් බව පොලිසිය පවසයි.
සැකකරවන් හා සැකකාරියන් දෙදෙනා නිරෝධායන පනත අනුව අද (30)අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.