ෆේස් බුක් හරහා සංවිධානය වී ගාල්ල අක්මීමන රත්ජම්බු ගහ ප්‍රදේශයේ හෝටලයක පැවැති සාදයකට සහභාගී වෙමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද තරුණියන් තරුණියන් 28 දෙනා අද (30දා) සවස ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර ඔවුන් ලබන මස (සැප්තැම්බර්) 09දා දක්වා නිරෝධායන නීති අනුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
ෆේස් බුක් සාදයේ සිටි 28 දෙනා අක්මීමන පොලීසිය විසින් අළුයම අත්අඩංගුවට ගත් අතර ඔවුන් අතර සිටි තරුණියන් දෙදෙනා අම්පාර සහ මොරටුව යන ප්‍රදේශවල අය වෙති. උපන්දින සදයක් පවත්වන මුවාවෙන් මෙම සාදය පවත්වා ඇත.
සාදයට සහභාගී වී සිිටි තරුණයින් 06 දෙනෙකු සන්තකයේ තිබී කේරළ ගංජා පැකට් 06 ක්ද පොලීසිය විසින් සොයාගෙන ඇත. අදාළ සාදයට සහභාගී වීම සඳහා රුපියල් 500, 1500 සහ 5000 යන මිල ගනණ් යටතේ ටිකට්පත් ද අලෙවිකර ඇති බව පොලිසිය පවසයි.
සාදයට සහභාගී වි සිටි සියලූදෙනා අවුරුදු 17 ත් 27ත් අතර පසුවන්නන් වෙයි. තරුණයින් අම්පාර, මාතලේ, අනුරාධපුර, කොළඹ, රත්නපුර හා ඇහැළියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවෝ වෙති.
හිනිදුම රවීන්ද්‍ර ලියනගේ