ශ්රී ලංකාවේ අධිකරණ ක්ෂේත්රයට සහාය වීම, ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීම හා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වූ වැඩපිළිවෙළට සහාය දීම වෙනුවෙන් යූරෝ මිලියන 35.75ක (රු.බිලියන 8.26ක) ආධාර මුදල් පිරිනැවීම සඳහා ශ්රී ලංකාව සමග ගිවිසුම් තුනක් අත්සන් කිරීමට යුරෝපා සංගමය පසුගියදා කටයුතු කර තිබේ.
මෙම අවස්ථාවට ශ්රී ලංකා රජය නියෝජනය කරමින් මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල සහ මෙරට යුරෝපා සංගම් දූත මණ්ඩල තානාපති ඩෙනිස් ෂයිබි යන මහත්වරු සහභාගී වූහ.