CRIB වාර්තාව නිසා ණය දීම ප්‍රතික්ෂේප කරන්න එපා
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව මත පමණක් පදනම්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබා දීම ප්‍රතික්ෂේප නොකරන ලෙස සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලින් ඉල්ලීමක් කරයි.
ණය තොරතුරු කාර්යාංශය යනු පුද්ගලයකුට ණය ලබා දීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට යෝජනා කරන ආයතනයක් නොවන බවත් එම ආයතනය සිදු කරන්නේ ගනුදෙනුකරුවක්ගේ ණය තත්ත්වයන් පිළිබඳ වාර්තා සැපයීම පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
සේමසිංහ මහතා මේ බව කියා සිටියේ සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ප්‍රධානීන් සමග අද (23දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
“ඇතැම් බැංකු තමන් වෙත ණය ලබා ගැනීමට එන ගනුදෙනුකරුවාව හරවා යවන ක්‍රමවේදයක් බවට මේ CRIB Report එක එහෙමත් නැත්නම් ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව පත් කරගෙන තියෙනවා. ණය තොරතුරු කාර්යාංශයෙන් වෙන්නෙ කෙනෙකු දැනට ලබාගෙන ඇති ණය සහ ඊට අදාළ තොරතුරු ස්වාධීනව ප්‍රකාශයට පත් කිරීමයි.
එම ආයතන කිසිදු අවස්ථාවක පුද්ගලයකුට ණය ලබා නොදෙන්න කියල නිර්දේශ කරන්නෙ නෑ. ඒ වගේ ම තමයි මේ ණය තොරතුරු කාර්යාංශය කිසිවකු අසාදු ලේඛන ගත කරන්නෙ නෑ. නමුත් ඇතැම් බැංකු මෙම වාර්තාව යොදා ගනිමින් ලබා දිය හැකි ණය පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් වගේ ම විශේෂයෙන් ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන් දැනුම්වත් විය යුතුයි. “
popular news
-
H M සමන් කුමාර Friday, 25 September 2020 09:18 AM
මාගේ ඇප කරුවන් ක්‍රිබ් වාර්තාවේ තවත් කේනෙකුට ඇප වශයෙන් අත්සන් කර ඇති නිසා නය ලබා ගැනිමට නොහැකි විය.එම ආයතන වලින් ණය මුදල ක්‍රමිකව පවත්වා ගෙන යන බවට ලිපියක් ලබා ගන්නා ලෙස මට කියා සිටී.
Reply : 0 0
Danushka Saturday, 03 October 2020 01:56 PM
මෙකත් කොරොනා කලෙ ණය කපන්න එප කිවා වගෙ ලස්සනට පොලිය ගත්තා .පිලියන්දල මොරටු පරෙ මහජන බැංකුවෙන් ලොන් එකක් ගන්න ගියා වැඩක් උනෙ නැ ක්ලිබ් එක මොකා කිවත් බලනවා කියන්නෙ .මැනෙජ්ගෙ අතින් නෙ දෙන්නෙ
Reply : 0 0
B.m.n.p karunarathna Wednesday, 07 October 2020 04:56 AM
දැනට අවුරුදු 8 පමන වෙනවා ක්ලිබ් එකේ කිසිම ලොන් එකක් දෙන්නැ ක්ලිබ් එක බලන්න එපා කියලා රජයෙන් කිව්වාම බැංකුවේ අය හිනා වෙනවා බැංකු වහන්න වෙයිලු
Reply : 0 1
රගීත් ප්‍රසාද්. Wednesday, 06 October 2021 06:37 AM
කුමන කතා කිව්වත් බැංකු වලින් පිළිගන්නෙ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

