“කොළඹ වරාය නගරය” නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස අද (20දා) ප්‍රකාශයට පත් කළේය. 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනතේ 3 වැනි වගන්තිය ප්‍රකාරව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙය ප්‍රකාශයට පත්කළේය.
පාර්ලිමේන්තුවේදී යෝජනා සම්මතයෙන් “කොළඹ වරාය නගර” භූමිය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට ඇතුළත් කරනු ලැබීය.
ඒ අනුව ඉදිරියේදී එම ප්‍රදේශයන්හි සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ නීති රෙගුලාසි සහ අධීක්ෂණය යටතේ සිදුවනු ඇත.
කොළඹ වරාය නගරය චීන ආයෝජනයක් ලෙසින් ක්‍රියාත්මක වෙයි.