ඉන්ධන මිල සූත්‍රය අනුව ඉහළ දැමී ඉන්ධන මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කරන ආයතනවලට අවස්ථාව පවතින බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අලෙවි මිල සම්බනධයෙන් මීළග අමාත්‍ය මණ්ඩල රැස්වීමේ තීරණයක් ගන්නා බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.
මුදල් අමාත්‍යාංශයේ ප්රවෘත්ති අධ්යක්ෂ හසල් අලි මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සෑම මාස දෙකකට පසුව එළැඹෙන තුන්වැනි මාසයේ පස්වැනි දිනය ඉන්ධන මිල යාවත්කාලීනය ඉන්ධන මිල සූත්‍රය අනුව සිදුවන බවයි.
ඒ අනුව ඊයේ ඉන්ධන මිල ඉහළ දැමමිට කටයුතු කළත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයේක නිකුත් කරමින් පැවැසුවෙන් පැරණි මිල ගණන් යටතේ ඉන්ධන අලෙවිකරන ලෙසයි.