COVID-19 වසංගතයේ දරුණු දිගු කාලීන බලපෑම් නිසා තවත් මිලියන 207 ක ජනතාවක් දරිද්‍රතාවයට පත්විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සඳහන් කරයි.
ඒ අනුව 2030 වන විට දරිද්‍රතාවයෙන් පෙළෛන ලෝක ජනගහනය බිලියනය ඉක්මවා යනු ඇතැයි අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඉලක්කගත ආයෝජන සමූහයක් සමඟින්, වර්තමාන COVID-19 ප්රවණතාවන්ට සාපේක්ෂව අතිරේක මිලියන 146 ක ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට අවස්ථාව ඇති බවද ඔවු කළ අධ්‍යනයකින් හෙළිව තිබේ.
වර්තමාන මරණ අනුපාතිකයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් කරන ලද නවතම වර්ධන ප්රක්ෂේපනයන් මත පදනම් වූ 'බේස්ලයින් කෝවිඩ්' තත්ත්වය හේතුවෙන් 2030 වන විට තවත් මිලියන 44 ක ජනතාවක් දරිද්‍රතාවයෙන් පෙළෙනු ඇතැයි එම අධ්‍යනයෙන් හෙළිව තිබේ.