COVID -19 පාලනයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමියට යෝජනා 07ක්
කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සදහා ගත යුතු ක්‍රමවේද, යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ (01) දින සවස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මුණ ගැසුනි.
මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මගින් ප්‍රධාන වශයෙන්ම යෝජනා 07 ක් සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත ඉදිරිපත් කරන ලදි.
එම ඉදිරිපත් කරන ලද යෝජනා පහත පරිදි වේ.
කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන සියලු දෙනා COVID -19 රෝගීන් දැයි තහවුරු වන තෙක් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ප්‍රතිකාර සේවාවන් සිදු කිරීම.
කොරෝනා වෛරසය පිළිබද සිදුකරන පර්යේෂණ සහ නිර්ණායක පුළුල් කිරීම.
කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සදහා ප්‍රතිකාර ගැනීමට රෝහල්වලට පැමිණෙන රෝගීන් විශේෂිත වාට්ටුවල ප්‍රතිකාර ලබා දීම.
COVID -19 ප්‍රතිකාර සේවාවන් සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ලබාදෙන පුද්ගල ආරක්ෂිත උපකරණ ඇගළුම් වැනි දෑ රෝහල්වලට නිසි ක්‍රමවේදයට ලබාදීම.
කොරෝනා වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ජිවිත රක්ෂණ ක්‍රමයක් සකස් කිරීම.
සායනික ප්‍රතිකාර සිදු කිරීමේ දී විශේෂඥ උපදෙස් ලබාගැනීම
මෙම යෝජනා අතුරින් කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇගයීමක් ලෙස ජිවිත රක්ෂණ ක්‍රමයක් සකස් කරන යෝජනාව ඉතාම කාලෝචිත යෝජනාවක් බවටත්, එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබදව එම සංගමයට සෞඛ්‍ය අමාත්‍යතුමිය ස්තූතිය පළ කරන ලදි.
අනෙකුත් යෝජනා ද කාලෝචිත යෝජනා බැවින් ඒ පිළිබද විශේෂ අවධානය යොමු කර කටයුතු කරන බවත්, කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක වල වෙනම කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව අමාත්‍යතුමිය පැවැසීය.
මනා කළමණාකාරීත්වයකින්, අනාගත දැක්මකින් තීන්දු තීරණ ගැනීම පිළිබදව විශේෂඥ වෛද්‍ය සංගමයේ වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යතුමියට මෙහිදී විශේෂ ස්තූතියක් පළ කිරීම ද විශේෂත්වයක් විය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා, ලේකම් විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ඇතුලු පිරිසක් සහභාගි වී සිටියේය.

popular news
- 
                            Deepal Nirosh Thursday, 02 April 2020 05:00 PM ඉතා වැදගත් යෝජනාවලියක්,ඒ අතරින් කොරෝනා අසාදිත හා සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කරත සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මෙන්ම නිරෝධායන කටයුතු රාජකාරි කරන ආරක්ෂක අංශ නිලධාරීන්ට ජීවිත රක්ෂණාවරණයක් ලබාදීම කාලෝචිත අත්‍යාවශ්‍ය කාරණයක්. Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                