ගෝලීය කොවිඩ්-19 එන්නත් බෙදාහැරීමේ වැඩසටහන වන COVAX වෙත චීන සමාගම් වන සීනොෆාම් සහ සීනොවැක් වෙතින් මාත්‍රා මිලියන 110ක් ලැබෙන බව ගාවි එන්නත සන්ධානය පවසයි.
"ඩෙල්ටා ප්‍රභේදය සෞඛ්‍ය පද්ධති සඳහා ඉහළ අවදානමක් ඇති මොහොතක ඇති වන ගිවිසුම් මගින්, අතිරේක මාත්‍රාවන් සඳහා විකල්පයන් සහිතව, COVAX පහසුකම සඳහා සහභාගිවන්නන්ට මාත්‍රා මිලියන 110ක් වහාම ලබාදීමට පටන් ගන්නවා" COVAX සඳහා එන්නත් ලබා ගැනීමට ප්‍රධානත්වය ගෙන ගාවි එන්නත් සන්ධානය සඳහන් කරයි.
සීනොෆාම් විසින් 2021 ජූලි සහ ඔක්තෝබර් අතර කාලය තුළ COVAX වෙත එන්නත මාත්‍රා මිලියන 60ක් ලබාදෙනු ඇති අතර, වසර අවසානයේදී තවත් මාත්‍රා මිලදී ගැනීමට අවස්ථාව පවතී. සමස්තයක් ලෙස සමාගම විසින් එන්නත මාත්‍රාව මිලියන 170ක් ලබාදෙනු ඇත.
සීනොවැක් විසින්ද මෙවැනිම යෝජනාවකට එකඟ වී ඇති අතර, ආරම්භක මාත්‍රාවන් මිලියන 50ක් ජූලි සහ සැප්තැම්බර් අතර ලබාදෙන අතර, පසුව මිලදී ගැනීම් සඳහා තවත් ලබාදීමට සූදානමින් සිටියි. සමස්තයක් ලෙස සීනොවැක් විසින් එන්නත් මාත්‍රා මිලියන 380ක් 2022 පළමු භාගය අතර ලබාදෙනු ඇත.
ගාවි හි ප්‍රධාන විධායක නිලධාරී සෙත් බර්ක්ලි පැවසුවේ නව ගිවිසුම සාදරයෙන් පිළිගන්නා බවත්, සන්ධානය විසින් COVAX හි කළඹට මෙම එන්නත් තොගයද එකතු කරන බවයි. මේ වනවිටත් සීනොෆාම් සහ සීනොවැක් එන්නත් ඇතුළු එන්නත් 11ක් COVAX වැඩසටහන සමග එක්ව සිටියි.
COVAX හි ආධාරකරුවෙකු වන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සීනොෆාම් සහ සිනොවැක් එන්නත් මේ වනවිටත් හදිසි භාවිතය සඳහා අනුමත කර ඇති එන්නත් වන අතර, ඒවා ලොවපුරා මිලියන ගණනින් භාවිතයට ගෙන සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇත.