ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එහි හවුල්කරුවන්ගේ නායකත්වයෙන් යුතු අන්තර්ජාතික එන්නත් කිරීමේ ව්‍යාපාරය වන COVAX රටවල් 20කට කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 20කට වැඩි ප්‍රමාණයක් ලබාදී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි.
මෙම සතිය මුලදී, COVAX විසින් සපයන ලද මාත්‍රාවන් භාවිත කරමින් අප්‍රිකාවේ පළමු කොවිඩ්-19 එන්නත් කිරීමේ ව්‍යාපාරය ඝානාව සහ කෝට් ඩි අයිවරි කෝස්ට් හි ආරම්භ වූ අතර පසුව තවත් රටවල් 18කට එන්නත් යවා තිබේ.
එලැඹෙන සතියේදී COVAX විසින් තවත් රටවල් 31කට මාත්‍රා මිලියන 14.4ක් ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් ඊයේ (05දා) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
කෙසේ වෙතත්, COVAX හරහා බෙදා හරින මාත්‍රාවල පරිමාව තවමත් සාපේක්ෂව කුඩා වන අතර, එය COVAX හරහා එන්නත් ලබාගන්නා රටවල ජනගහනයෙන් 2%ත් 3%ත් අතර ප්‍රමාණයක් පමණක් ආවරණය වන බව ඔහු පැවසීය.
නිෂ්පාදනය වේගවත් කිරීමට සහ පරිමාව වැඩි කිරීමට උපකාරී වන පරිදි, එන්නත් නිපදවන සමාගම් සොයාගැනීමේදී අතිරික්ත ධාරිතාවක් ඇති වෙනත් සමාගම් වෙතද සම්බන්ධ වීමේ උත්සාහයන් පිළිබඳව තම සංවිධානය කටයුතු කරමින් සිටින බවද ටෙඩ්රොස් පැවසීය.
එන්නත් සඳහා පේටන්ට් බලපත්‍ර හිමි සමාගම්වලින් එන්නත් තාක්ෂණය මාරු කළ හැකි අය වෙත ඒවා ලබාදෙන ලෙසද ඔහු නැවත අවධාරණය කළේය.
"මේ ප්‍රවේශයට හොඳ උදාහරණයක් වන්නේ ඇස්ට්‍රාසෙනෙකා. එහි එන්නත සඳහා වන තාක්ෂණය කොරියානු ජනරජයේ එස්.කේ.බයෝ සහ COVAX සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිපදවන ඉන්දියාවේ සේරම් ආයතනය වෙත මාරු කර කර තිබුණා." ටෙඩ්රොස් වැඩිදුරටත් පැවසීය.