COPA සභාපති ලසන්ත
රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිත්වයට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා තේරී පත්ව ඇත.
පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 6 දී රාජ්‍ය ගිණුම් කාරක සභාවේ පළමු රැස්වීම අද පස්වරුවේ පැවති අවස්ථාවේදී ඔහු මෙසේ සභාපතිධුරයට පත්ව තිබේ.
ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරයට සභාපතිත්වය ලබා දීම සඳහා වන යෝජනාව එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කර තිබේ.
එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා විසින ඉදිරිපත් කර තිබේ . මීට පෙරද ලසන්ත අලගියවන්න මහතා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කරනු ලැබීය.
-
Bandula. Thursday, 24 January 2019 08:37 AM
අනේ එහෙනම් ලගදීම ඒ පැත්තට කරණමක් ගසාවිද?
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

