අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නුවන් වෙදසිංහ මහතා බස්නාහිර පළාත (උතුර) වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර තිබේ.
එසේම නියෝජ්‍ය පොලිස්පති එස්.පී. රණසිංහ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කර තිබේ.
පාස්කු ප්‍රහාර සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සහෝදරයෙකු රියාඩ් බද්යුදීන් මහතා මාස පහකට ආසන්න කාලයකට පසුව සාක්ෂි නොමැති බව සඳහන් කරමින් නිදහස් කර තිබුණි.
මේ පිළිබඳව බොහෝ පාර්ශ්ව විවේචන එල්ල කළ අතර මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද ඒ අතර විය.
මේ අතර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිය ෆේ්ස්බුක් ගිණුම හරහා ප්‍රකාශ කළේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ හා නිදහස් කිරීමේ බලය දේශපාලනඥයින්ට ලබාදී නොමැති බවයි.