CEB හා CPC අලාභ ගැන ජනපතිගේ ප්‍රකාශ සත්‍යයි

2019 ජුනි 04 වැනි දින දිවයින පුවත්පත මගින් වාර්තා කරන්නට යෙදුණේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකළ ඉහත දැක්වෙන ප්‍රකාශයයි.
2018 වසරේ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව (MFAR) සහ 2018 වසරේ මහ බැංකු වාර්ෂික වාර්තාව (CBAR) මගින් ඉහත ප්‍රකාශය සත්‍ය ලෙසින් දක්වන අතර, ඒ සඳහා පහත දැක්වෙන තොරතුරු අදාළ වේ:
- 2018දී ලංකා විදුලි බල මණ්ඩලය මගින් ආදායම ලෙසින් රුපියල් බිලියන 238.946ක් වාර්තා කළ අතර, වියදම ලෙසින් රුපියල් බිලියන 269.353ක් (රුපියල් බිලියන 13.037ක පොලී ගෙවීම්ද ඇතුළත්ව) වාර්තා කොට ඇත (MFAR). මේ ඔස්සේ මණ්ඩලයට රුපියල් බිලියන 30.407ක මෙහෙයුම් අලාභයක් (ආදායමෙන් 12.7%කට සමාන) සිදුව ඇති අතර, ආදායම් බදු ගෙවීමට පෙර අලාභය රුපියල් බිලියන 28.9 ක් වේ (CBAR). මෙහි අරුත වන්නේ දිනකට ලංකා විදුලි බල මණ්ඩලයේ බදු ගෙවීමට පෙර අලාභය රුපියල් මිලියන 79කටත් වඩා වැඩි වූ බවයි.
- 2018 වසරේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 535.236ක ආදායමක් වාර්තා කළ අතර, වියදම ලෙසින් රුපියල් බිලියන 639.273ක් වාර්තා කොට තිබිණි (MFAR). මෙය ආදායම් බදු ගෙවීමට පෙර අලාභය ලෙසින් ගත් විට රුපියල් බිලියන 104.037කි. (එනම් ආදායමෙන් 19.4කට සමාන වේ). මෙහි අරුත වන්නේ දිනකට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ බදු ගෙවීමට පෙර අලාභය රුපියල් මිලියන 285කටත් වඩා වැඩි බවයි.
2018 වසරේ මූල්‍ය වාර්තා ඔස්සේ සොයා ලැබගත් ඉහත විස්තර අනුව පෙනී යන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව යන ආයතන දෙකම දිනකට කෝටි ගණනක පාඩු ලබන බවට ජනාධිපති සිදුකර ඇති තක්සේරුව නිවැරදි බවයි.
එනිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උක්ත ප්‍රකාශය සත්‍ය යැයි අපි කියමු.
මූලාශ්‍ර:
මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව 2018, පි. 168, 170, වගු අංක 7.6, 7.7, මෙතැනින් ලබාගත හැක: http://www.treasury.gov.lk/documents/10181/12870/Finance+Ministry+Annual+Report+2018+English+updated.pdf/fa11483d-1999-448c-a825-cd170e207b45
ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව 2018, පි. 93, මෙතැනින් ලබාගත හැක: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2018/en/7_Chapter_03.pdf
FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සූදානම්.
FactCheck යනු වෙරිටේ රිසර්ච් ආයතනයට අයත් ජාලගත වේදිකාවකි. වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා factcheck.lk වෙත පිවිසෙන්න.
popular news
-
Niyas Tuesday, 08 October 2019 09:09 AM
වැරදි කලමනාකාරය මේ පාඩුවෙන් 75% වග කිවයුතුය . කලමාකරණය පුද්ගලීකරණය කලයුතුය
Reply : 0 0
Asanka Tuesday, 08 October 2019 09:26 AM
01. මහ බැංකු වාර්තාව හා මුදල් අමාත්‍යාංශ වාර්තාව සිංහල පිටපත් මෙහි අමුණන්. ජනතාවට බලා ගැනීම සඳහා. 02. දේශපාලන හිතවත් මත පත්විම් ලබා දෙන ආයතන වල ලංකාවේ වේලා තියෙන්නේ ඔය වගේ තමයි. ප්‍රධාන වශයෙන් දේශපාල පත්විම් ලබා දෙන සීටීබී. ලංකා විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව, වරාය, වතු සමාගම, දුම්රිය දෙපාර්තමෙන්තුව
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

