තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන යෑමේ සිදුවීම සබන්ධයෙන් අත්අඩංගුට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හිටපු නාවික හමුදාපති, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොන්දේසි සහිත ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ඔහුට ඇප ලබාදිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම එම සිදුවීමේ ඇසින් දුටු සාක්ෂිකරුවෙක් වන ලුතිනන් කමාන්ඩර් ලක්සිරි මහතා විරුද්ධත්වය ප්‍රකාශ නොකළේය.
තරුණයන් පැහැරගෙන යාමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුවෙක් වන නේවි සම්පත් නොහොත් හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් නැමැත්තාට රටින් පිටවීමට ආධාර අනුබල දුන් බවට ආරක්ෂක මාණ්ඩලික ප්රධානීට චෝදනා එල්ල වී තිබේ.