කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන සිටින කංජිපානී ඉම්රාන් නැමැති සංවිධානාත්මක අපරාධකරු සමග එම කොට්ඨාසයේ නිලධාරීන් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවට පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කළ පැමිණිල්ලේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් යොදවා මෙම පරික්ෂණයක් සිදුකරයි.
යම් නිලධාරියෙක් එම සැකකරු සමග සබඳතාවත් පවත්වාගෙන ඇති බවට පරීක්ෂණයේදි අනාවරණය වුවහොත් එම නිලධාරීන් සම්බන්ධයෙන් උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.