පාරිභෝගික කටයුතු අධිකාරිය මීට වඩා ශක්තිමත් කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට අද (13දා) එක්වූ අවස්ථාවේ ඉන්ධන මිල ඉහළ යන විට භාණ්ඩ මිල ඉහළ යෑමක් සිදුවනවා සේම ඉන්ධන මිල පහළ යන විටද භාණ්ඩවල මිල ගණන් පහළ යෑමක් සිදුවන්නේදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබා දෙමිනි.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එලෙස ඉන්ධන මිල ඉහළ යෑම සහ පහළ යෑමට සාපේක්ෂව භාණ්ඩ මිලෙහි වෙනසක් සිදුවන බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය මීට වඩා ශක්තිමත් නම් එය පාලනය කළ හැකි බවයි.
එසේ හෙයින් පාරිභෝගික කටයුතු අධිකාරිය ශක්තිමත් කිරීමේ වැදගත්කම පැහැදිලි කළ අමාත්‍යවරයා, වැඩිදුරටත් සඳහන් කළේ එමගින් පාරිභෝගිකයන්ටද විශාල වාසියක් අත්කර දීමට හැකි බවයි.
