පාරිභෝගික අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා පත්කර ඇත. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.
මැද්දෙගොඩ මහතා වසර 37 ක් නීති ක්ෂේත්රයේ අත්දැකීම් සහිත පළපුරුදු නිලධාරියෙකි.
නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 20 ක් සේවය කර ඇති ඔහු තවත් වසර 10 ක් නෙදර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නීති උපදේශකයෙකු ලෙසද කටයුතු කර ඇත.
