A -9 අනතුරකින් දෙදෙනෙකු මරුට
යාපනය මහනුවර A-9 ප්රධාන මාර්ගයේ පුලියන්කුලම් ප්රදේශයේදී අද (11දා) අලුයම සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිවු දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගතකොට ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ කන්ටේනර් රථයේ රියදුරු වන පල්ලියවත්ත උස්වැටකෙයියාව ප්රදේශයේ පදිංචි ජයමහමුදලිගේ දොන් උජිත් දේශාන්ත සහ කිළිනොච්චිය සෙල්වනගර්හි පදිංචි කිංස්ලි අරුලයියා ජයරාසා සරෝජනී දේවි නමැති බස් රථයේ ගමන්ගත් කාන්තාවකි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වවුනියාව සිට කිළිනොච්චිය දෙසට ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක් සහ කිළිනොච්චිය සිට වව්නියාව දෙසට ගමන් කරමින් තිබූ බස් රථයක් වන බවත් බස් රථය හා කන්ටේනර් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති අතර රියදුරන් දෙදෙනාට වේගය පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
මේ වන විට තුවාල ලැබූ සිවු දෙනාගෙන් බස් රථයේ රියදුරුගේ තත්වයද ඉතා බරපතළ වන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පුලියන්කුලම පොලීසිය සිදුකරයි.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
