සාලාව කඳවුර තුළ සිදු වූ පිපිරීම නිසා නිවාස අහිමි වූවන්ට ලබාදෙන රුපියල් 50,000 ක මාසික ගෙවීම 93 දෙනෙකු විසින් තවමත් ලබාගෙන නැතැයි වාර්තාවේ. තක්සේරු කටයුතුවලට අනුව මේ වනවිට නිවාස හිමියන් 369 දෙනෙකුට අදාළ මුදල හිමි වී තිබේ. සාලාව කඳවුරේ සිදු වූ පිපිරීමෙන් සිදු වූ නිවාස හානිය ගණනය කිරීම මෙතෙක් අවසන් වී නැත.