රුසියානු හමුදා ප්රවාහන ගුවන් යානයක් පුද්ගලයන් 92 දෙනෙකු සමග කළු මුහුදට කඩා වැටී ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.
එරට වේලාවෙන් අලුයම 5.20ට සෝචි වෙතින් ගුවන්ගත වූ යානය ඉන් විනාඩි දෙකකින් පමණ රේඩාර් තිරයෙන් අතුරුදන්ව ගිය බවත්, යානයේ සුන්බුන් හා එක් මළ සිරුරක් සොයාගැනීමට හැකිවී ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
Tu-154 වර්ගයේ හමුදා ප්රවාහන ගුවන් යානය සිරියාවේ ලටාකි දක්වා පියාසර කරමින් තිබියදී මෙසේ අනතුරට පත්ව ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
