ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ 2001 සැප්තැම්බර් 11 වැනිදා සිහිකරමින්, නිව්යෝක් නගරයේදී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්විණි.
ත්රස්තයන් විසින් පැහැරගත් මගී ගුවන්යානා දෙකක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ද්විත්ව කුලුණු වෙත වැදීමට සලස්වමින් සිදුකළ මහා විනාශය 9/11 සිදුවීම ලෙස ලෝක ඉතිහාසයට කඳුලක් එක් කළේය.
ප්‍රහාරයෙන් පුද්ගලයන් 3,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් 2,700කට ආසන්න පිරිස නිව්යෝක් වැසියෝ වූහ.
මීට අමතරව පැහැරගත් තවත් ගුවන් යානයක් යොදාගෙන වර්ජීනියා හි පෙන්ටගනය ඉලක්ක කළ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් 184 දෙනෙකුද සිහිපත් කෙරිණි.
එමෙන්ම, සිව්වැනි ගුවන් යානය කඩා වැටුණු පෙනිසිල්වේනියා හිදීද විශේෂ සැමරුමක් පැවති අතර, එම යානයේ ගමන්කළ නිර්භීත මගීන් නිසා යානය අතරමග බිම වැටුණි.
.jpg)