විෂ කෘෂි රසායන ද්‍රව්‍ය රට තුළ තහනම් කිරීම යටතේ 1970 වසරින් පසු කෘෂි රසායන ද්‍රව්‍ය 35ක් තහනම් කර තිබෙන බව වකුගඩු රෝග මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.
එසේ තිබියදී 2015 වසරේදී සිදුකළ ග්ලයිෆෝසෙට් තහනම තේ හා රබර් වගාවලට යෙදීමට අවශ්‍ය බව පවසමින් එම භෝග වගාවලට භාවිත කිරීමට ග්ලයිෆෝසෙට් තහනම ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බවද එම සංවිධානයේ සාමාජික ඉඩම් හා කෘෂිකර්ම සංවිධානය සඳහන් කරයි.
අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ එම සංවිධානයේ සම්බන්ධීකාරක සජීව චාමිකර මහතා සඳහන් කළේ, මෙම තීරණය තුළින් ලංකාවට හා ජාත්‍යන්තරයට වැරදි ආදර්ශ ලබාදී තිබෙන බවයි.
මේ නිසා ග්ලයිෆොසේට් වහාම රට තුළ සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බවද කියා සිටියේය.
