ඉකුත් වසරේ දීප ව්‍යාප්තව සිදු කළ වැටලීම්වලින් දඩ වශයෙන් රුපියල් ලක්ෂ 722 ක මුදලක් අය කැර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සමත්ව තිබේ. වැටලීම් 22,440 ක් සිදු කැර ඇති අතර වැඩිම වැටලීම් ප්‍රමාණය මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම දඩ මුදලක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද අයකැර ගැනීම සමත්ව ඇති අතර එම මුදල රුපියල් ලක්ෂ 74 කි.
වැඩි මිලට භාණ්ඩ අළෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, පාරිභෝගික ජනතාව නොමග යැවීම, පරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කිරීම ඇතුළු චෝදනා රැසක් යටතේ ව්‍යාපාරිකයින් මෙම වැටලීම්වලදි අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරියේ සභාපති රූම් මර්ෂුක් මහතා පැවසුවේය.