කැබිනට් මණ්ඩලය අනුමත කළ බස් ගාස්තුව පිළිනොගන්නා බවත් මේ නිසා හෙට (16දා) මධ්‍යම රාත්‍රී 12 සිට බස්රථ ධාවනයෙන් ඉවත් කර ගන්නා බවත් බස් සංගම් සඳහන් කරයි.
තම සංගමය රජයට යෝජනා කළේ 20%ක ගාස්තු වැඩිවීමක් බවත් එහෙත් ලැබී තිබෙන්නේ 6.56%ක බස් ගාස්තු වැඩිවීමක් නිසා එම මුදල ප්‍රමාණවත් නොවන හෙයින් හෙට (16දා) මධ්‍යම රාත්‍රී 12 සිට බස් රථ ධාවනයෙන් ඉවත් කර ගන්නා බව අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමයේ සභාපති විජිත කුමාරසිරි මහතා සඳහන් කළේය.
මෙම වර්ජනයට තම සංගමයත් එක් වන බව සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.