
පාර්ලිමේන්තු සභා ගර්භයේදී අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා තම පෞද්ගලික කාරණ ඉස්මතු කරමින් අපහාසාත්මකව තමාට කතා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනී ෆොන්සේකා මහත්මිය පැවසුවාය.
තමා කිසි කලෙකත් සිය සිවු අවුරුදු දේශපාලන ජීවිතයේදී කිසිවෙකුගේ පෞද්ගලිකත්වයට අපහාස නොකළ බවත්, අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ කිරීම උචිත නොවන බවත් අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.
'මේ වගේ වෙලාවක එකිනෙකාගේ වෙනස් ප්‍රතිපත්ති ගැටෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඒ මොනව අවස්ථාවකින්වත් පෞද්ගලිකත්වය කියන එක හැම කෙනෙකුටම වැදගත්. ඒක මම ඉහළින්ම පිළිගන්නවා. නමුත් අද සුජීව සේනසිංහ නියෝජ්‍ය අධිකරණ ඇමති එතුමා අද බොහොම නරක විදිහට, බොහොම කැත විදිහට මගේ පෞද්ගලිකත්වය ගැන අපහාසාත්මකව ඈඳලා අරගෙන වාද විවාද යන අවස්ථාවේදී මට අපහාස කළා.
මම අද අත්දකිනවා මේ වගේ අය එකතු වෙලා විශේෂයෙන්ම අධිකරණ ඇමති කෙනෙක් කියන්නේ ඕනෑම කෙනෙක්ගේ ජීවිතය ගැන සොයා බලනන්න අවශ්‍ය කෙනෙක්. මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ කාන්තාවන්ට කරපු අපහාසයක් ලෙස මම එය මේ අවස්ථාවේ හෙළා දකිනවා' යැයිද මන්ත්රීනී මාලනී ෆොන්සේකා මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනි ෆොන්සේකා මහත්මියට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බවට
සිදුකරන ප්‍රකාශ අසත්‍ය ප්‍රකාශ බවත්, එවැනි දෙයක් සිදුකර තිබේදැයි සොයා බැලීමට පරීක්ෂණයක් සිදුකරන ලෙසට කථානායකතුමාගෙන් ඉල්ලීමක් කළ බව අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා 'අද' කළ විමසීමේදී සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස් පිනට පැමිණි පිරිස් බවට ප්‍රසිද්ධියේ පවසා සිටි බවත්, එහිදී පිනට පැමිණියේ ඔබතුමිය බවට මන්ත්‍රීතුමියට පවසා සිටි බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
එහිදී මන්ත්‍රීතුමිය තෝ වරෙන් එළියට කියා බල්ලා, බූරුවා වශයෙන් සඳහන් කරමින් බැණ වැඳුණු බවද සඳහන් කළේය.
එසේ නොමැතිව තම කිසිදු ආකාරයකින් මන්ත්‍රීතුමිය බැණ නොවැදුණු බවත්, බැණ වැදීම සිදු කළේ මන්ත්‍රීතුමිය විසින් බවද සුජීව සේනසිංහ මහතා පවසා සිටියේය.
ඉන්දික හේවාවිතාරන / සාකල්යා සදමාලි