දැනට ඒකාබද්ධ විපක්ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 51 දෙනාගෙන් කිසිවෙකු ආණ්ඩුවට නොයන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පැවසීය.
මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ අද (20) අදහස් දක්වමින් වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
“ඒකාබද්ධ විපකෂයෙන් ආණ්ඩුවට හතක් යනවා ,9ක් යනවා කියනවනේ. අපි 51 දෙනාගෙන් එකෙක්වත් ආණ්ඩුවට යන්නෙ නෑ. ඒ වගේම රවි කරුණානායක කිව්වනේ දුසිම් ගාණක් ගන්නවා කියලා. ඉතිං ගත්තදෙන්. හිරගෙවල් තියෙන්නේ අපිට යන්න තමයි. ඒනිසා අපි ඕවට බය නෑ. මේ ආණ්ඩුව සදාකල් තියෙන්නේ නෑ.” යැයි පවසා සිටියේය.