5000 නෝට්ටු සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ භාවිතා කරන රුපියල් පන් දහසේ නෝට්ටු තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු ඊයේ(13) දින දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ රාජකාරියේ නියැලී සිටි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .
මොහු 37 හැවිරිදි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි .
මොහු ශ්‍රී ලංකාවේ භාවිතා කරන මුදල් නෝට්ටු තොගයක් මෙරටට රැගෙන විත් තිබීම විශේෂත්වයක් බව රේගුව සඳහන් කරයි .
ඔහු ඊයේ දින දහවල් 12.45 ට ඉන්දියාවේ මදුරෙයි සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 003 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මල්ලේ මෙම රුපියල් ලක්ෂ 07ක් වටිනා ශ්‍රී ලංකාවේ භාවිත කරන රුපියල් පන් දහසේ නෝට්ටු 140 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්යක්ෂ චාමිකා මුන්මුල්ලගේ මහත්මිය විසින් පැවැත්වූ අතර , එහිදී මෙම ශ්‍රී ලංකා රුපියල් තොගය රාජසන්තක කළාය .
කටුනායක - ටි.කේ.පි.කපිල

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
