50 වැනි වරටත් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයා
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය නැරඹීමට අඛණ්ඩව සෑම වසරකම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයෙකු අද (05දා) 50 වැනි වතාවටත් ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඩෙන්මාර්ක් ජාතික කයි සැන්ඩර් ජේසන් ( 72) ඔහුය. සැන්ඩර් මහතා ශ්‍රී ලංකාවට පැමිණි සෑම විටම නවාතැන් ගෙන ඇත්තේ හික්කඩුව කොරල් සෑන්ඩ්ස් හෝටලයේ වීමද විශේෂත්වයකි.
එම නිසා එම හෝටලයේ කළමනාකාර අධ්යක්ෂ සිරි ගුණවර්ධන සමග එදා සිටම ශ්‍රී ලංකාවේ මිතුරෙකු ලෙස කටයුතු කළ ජෝන් රත්නම් ග්‍රෙගරි යන මහත්වරුන්, ඔහු පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
1974 වසරේ මුලින්ම ශ්‍රී ලංකාවට පැමිණි ඔහු, 1977 වසරේ සිට වසරකට දෙවතාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මොහු ඩෙන්මාර්කයේ බ්‍රෙඩ් බෝ පළාතේ ගණකාධිකාරීවරයෙකු ලෙස රැකියාවක නියුතුව සිට දැනට එම ධුරයෙන් විශ්‍රාම ලබා සිටියි.
කටුනායක ටී.කේ.ජී.කපිල/ හික්කඩුව විශේෂ අමරසේන විතාන
කටුනායක ටී.කේ.ජී.කපිල )
(හික්කඩුව විශේෂ අමරසේන විතාන)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

