4U9525 සහාය නියමුවාගේ නිවස දැඩි පරීක්ෂාවක
පුද්ගලයන් 150 දෙනෙකුට මරු කැඳවමින් ප්‍රංශ ඇල්ප්ස් කඳුකරයේදී 4U9525 දරණ ජර්මන්වින්ග්ස් යානය හිතාමතා අනතුරට ලක්කළේ යැයි කියන සහාය නියමුවාට අයත් නිවස පරීක්ෂා කරමින් ඔහු පාවිච්චි කළ පරිගණක ඇතුළු උපාංග පොලිස් පරීක්ෂණ සඳහා රැගෙන ගොස් ඇති බව ජර්මනියෙන් වාර්තා වෙයි.
යානයේ නියමුවාට නියමු කුටියට ඇතුළු විය නොහැකි ලෙස එය අඟුළුලමින් යානය හිතාමතා පහළට ගෙන කඳුකරයේ හප්පා සිදුකළ මහා විනාශයත් සමග මේ වනවිට ලොව පුරා ප්‍රධාන ගුවන් සමාගම් රැසක නියමු කුටිය ආශ්රිත ආරක්ෂණ ක්‍රියාමර්ග තර කර තිබේ.
ඒ අනුව, සෑම අවස්ථාවකම කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් අනිවාර්යයෙන්ම යානයේ නියමු කුටිය තුළ රැඳී සිටිය යුතු ලෙස ඇතැම් ගුවන් සමාගම් සිය ආරක්ෂණ විධිවිධාන තරකර තිබේ.
මේ අතර, මාධ්‍ය වාර්තා පෙන්වා දෙන පරිදි සහායක නියමු ලුබිට්ස්ගේ නිවසින් සොයාගත් දත්ත අනුව ඔහු හිතාමතා මෙම අනතුර සිදුකිරීමට හේතු අනාවරණය වෙමින් පවතින බවද කියැවෙයි. කෙසේ වෙතත් පරීක්ෂණ තවදුරටත් සිදුකෙරෙන නිසා සොයාගත් සාක්ෂි දැන්ම මාධ්‍යයට ඉදිරිපත් කළ නොහැකි බවද පොලීසිය පවසා තිබේ.
මේ අතර, ජර්මානු මාධ්‍ය වාර්තා කොට තිබුණේ සහායක නියමුවා මානසික ආතතියකින් පසුව ඇති බවයි. නමුත්, මෙය සනාථ නොකළ තත්ත්වයක් බවද කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

