මගීන් 150 දෙනෙකු සමග ප්‍රංශයේ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශයට කඩා වැටුණු ජර්මන්වින්ග්ස් 4U 9525 යානයේ සුන්බුන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවන බව විදෙස් වාර්තා පවසයි.
ඩිග්නේ හා බාර්සිලෝනෙට්ටෙ ප්‍රදේශ ආශ්‍රිතව සිදුවන මෙහෙයුම් සඳහා තවත් දින කිහිපයක් ගත විය හැකි බව බලධාරීහු පවසති.
මේ අතර, ජර්මානු, ප්‍රංශ හා ස්පාඤ්ඤ නායකයන් මෙම අනතුර සිදුවූ ප්‍රදේශයේ සංචාරයක නිරත වීමටද නියමිත බව වාර්තා වෙයි.
එයාර්බස් A320 මාදිලියේ 4U 9525 අංක දරණ ගුවන් යානය අනතුරට පත්වීමෙන් කිසිවෙකුත් දිවි ගලවා ගන්නට ඇතැයි විශ්වාස කළ නොහැකි බවද කියැවෙයි.
යානයේ ගමන් කළ මගීන් 144 දෙනාගෙන් 67 දෙනෙකු ජර්මානු ජාතිකයන් වන අතර, ළමයින් 16 දෙනෙකුද එහි ගමන් කර ඇත. එමෙන්ම, තවත් 40 කට වැඩි දෙනෙක් ස්පාඤ්ඤ ජාතිකයන් බව පැවසෙයි. එමෙන්ම, ඔස්ට්‍රේලියා, තුර්කි, ඩෙන්මාර්ක්, නෙදර්ලන්ත සහ බෙල්ජියම් ජාතිකයන්ද එහි සිටි බව කියැවෙයි.