4U 9525 සහාය නියමුවා රෝගී තත්ත්වයක පසුවෙලා
4U 9525 යානයේ සහාය නියමු ලුබිට්ස් අසනීප තත්ත්වයකින් පසුවූ බවට සාක්ෂි මේ වනවිට වාර්තා වෙමින් පවතී.
යානයට අනතුරට පත්වූ දිනයේදී පවා ඔහුගේ අසනීප තත්ත්වය පිළිබඳ දැක්වෙන ලියවිල්ලක් ඉරා දමා තිබියදී නිවසේ තිබී හමුව තිබේ.
කෙසේ වෙතත්, ඔහුට පැවති රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මේ වනතෙක් මාධ්‍යයට හෙළි කර නොමැත.
මේ අතර, ජර්මානු මාධ්‍ය පෙන්වා දෙන්නේ අභ්‍යන්තර ගුවන්සේවා අධිකාරියේ ලිපිගොනුවලට අනුව ඔහු මානසික අවපීඩනයකින් පෙළී ඇති අතර, ඔහු ප්‍රතිකාර අවශ්‍ය මට්ටමක සිට ඇත.
කෙසේ වෙතත්, මෙම අනතුර සම්බන්ධයෙන් දේශපාලන හෝ ආගමික බලපෑමක් හෝ සියදිවි හානිකර ගැනීමේ ලියවිල්ලක් මෙතෙක් හමුවී නොමැති බවද බලධාරීහු පවසති.
පුද්ගලයන් 150 දෙනෙකු සමග 4U 9525 යානය සහාය නියමු ලුබිට්ස් විසින් පසුගිය අඟහරුවාදා හිතමතාම ඇල්ප්ස් කඳුකරයේදී අනතුරට පත්කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

